එක්‌සත් ජාතික පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන කාට හෝ කැපිලි දැම්මොත් ඒවා තමා බලා බලාගන්නා බවත් එසේ කැපිලි දමන්නේ විකෘති මනසකින් යුත් පුද්ගලයින් බවත් එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අපේ කිසිවකුට අසාධාරණ පළිගැනීම්වලට ලක්‌වෙන්න දෙන්නේ නැහැයයිද හෙතෙම අවධාරණය කර සිටියා. එක්‌සත් ජාතික පක්‍ෂයේ කාට හෝ කැපිලි දැම්මොත් ඒ හැමදෙනා වෙනුවෙන් තමා දිවි හිමියෙන් ඇප කැපවී ක්‍රියා කරන බව ද ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ.
එජාපයේ විනය කඩකළ පිරිස්‌වලට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීම පිලිබදවල අද (04) පැවැත්වෙන එම පක්ෂයේ උපදේශක මණ්ඩලයේදී තීරණය කෙරෙන බවට පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා එසේ ප්‍රකාශ කළේ. ප්‍රේමදාස මහතා උපදේශක මණ්ඩල සාමාජිකයෙක්ද වනවා.
පක්‍ෂය ශක්‌තිමත් කරන පිරිස්‌වලට විනය පරීක්‍ෂණ පැවැත්වීම අනවශ්‍ය බව කියා සිටින ප්‍රේමදාස මහතා පක්‍ෂයේ ක්‍රියාකාරී පිරිස්‌වලට විනය පරීක්‍ෂණ පවත්වන්නට පෙර මැතිවරණ විස්‌සක් පරාජය වීම පිළිබඳව සියල්ලටම පෙර විනය පරීක්‍ෂණයක් පැවැත්විය යුතුව ඇතැයි ද අවධාරණය කර සිටියේ. මොන විනය පරීක්‍ෂණ පැවැත්වුවද පක්‍ෂයේ ජයග්‍රහණය කරා කැපවන බව ද ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසයිග

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.