ලිංගික හෝ අතවරයන්ගෙන් ළමයින් ආරක්ෂා කර ගැනීමට ගනු ලබන උත්සහයන්ට විවිධ බාධා පවතින බව ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අදට යෙදී ඇති ළමා හිංසනයට එරෙහි ජාතික දිනය වෙනුවෙන් කළ විමසීමකදීයි.
ලියාපදිංචි නොකළ ළමා නිවාස 11ක් යාපනයේ පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා පැවසුවා. ලියාපදිංචි කරන්නැයි අවස්ථා කිහිපයකදී දැනුම්දුන්නද එම ළමා නිවාස මෙතෙක් ලියාපදිංචි කර නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
ලියාපදිංචි නොකළ ළමා නිවාස 11ක් යාපනයේ පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා පැවසුවා. ලියාපදිංචි කරන්නැයි අවස්ථා කිහිපයකදී දැනුම්දුන්නද එම ළමා නිවාස මෙතෙක් ලියාපදිංචි කර නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
පවතින බාධා ජය ගැනීම සඳහා ළමා රක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මෙම වසරේදී සම්මත කර ගන්නා බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා. ඇතැම් නීති සංශෝධනය කිරීමටද අපේක්ෂා කරන බවයි එම අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය ප්‍රකාශ කළේ.
මේ අතර ළමයින් රැකියාවල යොදවා ගැනීමට හැකි අවම වයස අවුරුදු 18ක් දක්වා වැඩි කළ යුතු බව අධිකරණ අමාත්‍යංශයේ ලේකම් නීතිඥ සුහද ගම්ලත් පවසනවා. දැනට එම වයස අවුරුදු 14ක් ලෙසයි නීති සකස් කර ඇත්තේ. වයස අවුරුදු 14ත් 18 ත් අතර ගැහැනු ළමයින් බිළිඳුන් බලා ගැනීම වැනි රැුකියාවල යොදවා සිටිනවා. ඔවුන්ට එ් සඳහා ප්‍රමාණවත් හැකියාවක් නොමැති බවයි නීතිඥ සුහද ගම්ලත් මහතා පෙන්වා දෙන්නේ.
එබැවින් බිළිඳුන් අනාරක්ෂිත වනවා සේම ඔවුන් බලා ගන්නා ළමයින් අතවරයට ලක්වන අවස්ථා සුලභ වන බවද ප්‍රකාශ කෙරුණා. වයස අවුරුදු 14ත් 18ත් අතර පිරිමි ළමයින් ඔවුන්ට දැරිය නොහැකි තරම් බර වැඩවල යොදවා ඇති බවයි සමීක්ෂණවලින හෙළිව ඇත්තේ. එවැනි ළමයින් කායිකව මෙන්ම මානසිකවද පීඩාවට පත්වන බව නීතිඥ සුහද ගම්ලත් මහතා පෙන්වා දෙනවා.
ළමයින් අතවරවලින් ආරක්ෂා කර ගැනීම සේම අපරාධකරුවන් වීමෙන්ද වළක්වාගත යුතු බවයි අවධාරණය කෙරෙන්නේ. 2010 වසරේදී පමණක් ළමයින් 1156 දෙනෙකු විවිධ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වී රැුඳවුම්භාරයට පත්කර තිබෙනවා. එවැනි අවස්ථා මගහරවා ගැනීමට මවුපියන් දරුවන් ගැන සැලකිලිමත්විය යුතු බවයි අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා පවසන්නේ. ළමයින් ආරක්ෂා කර ගැනීම සමාජයීය වගකීමක් බව අවධාරණය කෙරුණා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.