2012-01-13

එප්පාවල සිව් පුද්ගල ඝාතනයේ සැකකරුවකුගේ නිවසට ගිනි

එප්පාවල කටියාවයාය ප‍්‍රදේශයේදී එකම පවුලේ 4 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකුගේ නිවසට කිසියම් පිරිසක් ඊයේ රාති‍්‍ර ගිනි තබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඉකුත් මස 17 වැනිදා සිදු වූ එම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවයි. ගිනි තැබීමට ලක්ව ඇත්තේ ඔවුන්ගෙන් එක් අයෙකුගේ නිවසක් බව පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවා. එම අවස්ථාවේ නිවස තුළ කිසිවෙකු රැඳී සිට නැහැ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.