2012-01-13

බි‍්‍රතාන්‍ය සමාව ඉල්ලයි


බි‍්‍රතාන්‍යයේ රාජකීය තැපැල් සේවය විසින් නිකුත් කරන ලද වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව සහිත මුද්දරය වහාම කි‍්‍රයාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.
බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් කෙරුණු ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එම තීරණයට එළැඹි බවයි රාජකීය තැපැල් සේවය පවසන්නේ.
බි‍්‍රතාන්‍යයේ මුද්දර නිකුත් කිරීමේ බලය රාජකීය තැපැල් සේවයට හිමි වී තිබෙනවා. ඒ සමග ගිණුමක් අරඹා අභිමත රූප සහිත මුද්දර නිකුත් කරවා ගැනීමට  ඕනෑම අයෙකුට හැකියි. වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව සහිත මුද්දර නිකුත් කෙරුණේ ඒ අනුව බව රාජකීය තැපැල් සේවය පවසනවා. එමගින් ලක් රජයට කිසියම් අපහසුවක් සිදු වූයේ නම් ඊට සමාව ඉල්ලා සිටින බවයි රාජකීය තැපැල් සේවය වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර කැනඩාව සහ ප‍්‍රංශයද වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව සහිත මුද්දර නිකුත් කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.