ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවන පදවි ප්රාප්තියේ දෙවන වසර සැමරීම අද (19) දිනට යෙදී තිබෙනවා. මෙරට 5 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2005 වසරේ බලයට පත්වු මහින්ද රාජපක්ෂ මහතා අඛණ්ඩව දෙවන වරටත් ජනාධිපතිවරයා ලෙස පත්වුණා.
දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ ගමන්මග යමින් වයස අවුරුදු 23 දී පාර්ලිමේන්තුව නියෝජනය කළ මහින්ද රාජපක්ෂ මහතා එවකට සමගි පෙරමුණු රජයේ ළාබාලතම මන්ත්‍රීවරයා ද විය.
1968 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත ආසන සංවිධායකවරයා ලෙස පත් වු ඔහු මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු සහ අග්‍රාමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කොට තිබේ. මීට අමතරව එතුමා විපක්ෂ නායකවරයෙකු වශයෙන් ද කලක් කටයුතු කළේය.
ඔහු කිසිවිටෙකත් පක්ෂය පාවා නොදී තම මව් පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම වෙනුවෙන් අසීමිත කැප කිරීමක් කළ අයෙකු ලෙස ද සඳහන්ය.
වසර 30 ක් පුරා පැවති රුදුරු ත්‍රස්තවාදය පරාජය කරමින් බෙදී වෙන්ව තිබූ ශ්‍රී ලංකා දේශය එක් ධජයක් යටතට ගෙන ඒමේ ගෞරවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවේ.
නිදහස් ශ්‍රී ලංකාව තුළ මේ වන විට දැවැන්ත සංවර්ධනයක් එතුමා විසින් සිදු කොට තිබේ. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම ජනාධිපතිවරයාගේ අරමුණයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.