කැකිරාව පොලිසියට අනුයුක්තව රණජයපුර පොලිස් මුර පොලේ සේවය කළ උප පොලිස් පරික්‍ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ, උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාගේ නියෝගයකට අනුවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සතුව තිබු රත්තරං ගුලියක් වෙනුවට තඹ කලවම් කළ යකඩ ගුලියක් අධිකරණයට ඉදිරිපත් කිරීම සැකකරුවන්ට එරෙහි චෝදනාවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම පොලිස් නිලධාරීන් සිව්දෙනා මේ වන විට කැකිරාව මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝග මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර ේක‍්‍රියාත්මකයි.2012-01-15
රන් තඹ කළ පොලිසියේ නිලධාරීන් සිව්දෙනකුගේ වැඩ තහනම්.
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.