2012-01-15

මනතිව් ග‍්‍රාම නිලධාරි කාර්යාලයට ගිනි තියයි



පුත්තලම මනතිව් ග‍්‍රාම නිලධාරි කාර්යාලයේ දේපළවලට ඊයේ රාත‍්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ග‍්‍රාම නිලධාරි කාර්යාලයේ දොරගුළු බිඳ ඊට ඇතුළු වු පිරිසක් කාර්යාලයේ තිබු ලිපි ලේඛනවලට ගිනි තබා විනාශ කර ඇති බවයි.
ගින්නෙන් කාර්යාලයේ තිබු ලිපි ද්‍රව්‍ය සියල්ල විනාශ වී තිබෙනවා. ග‍්‍රාම නිලධාරීවරයා සමග ඇති පුද්ගලික ආරවුලක් මත මෙය සිදු කරන්නට ඇති බවයි පොලිසිය සැකකරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.