ව්‍යාජ වෛද්‍යවරුන් හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය යළි ගැටලූ රැසකට මුහුණදී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් උපුල් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව, ආයුර්වේද වෛද්‍ය සභාව සහ හෝමියෝපති වෛද්‍ය සභාව ඒකාබද්ධව මේ සඳහා විසඳුම් ලබාදිය යුතු බවයි. එම වෛද්‍ය සභා තුනේ ලියාපදිංචි වී ඇති වෛද්‍යවරුන් ප‍්‍රසිද්ධියට පත් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා.
සෞඛ්‍ය අමාත්‍යංශයද ඊට දායකත්වය ලබාදිය යුතු බවයි ඔහුගේ අදහස වුණේ. ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳ පොලිස්පතිවරයා සමගද පසුගියදා සාකච්ඡාවක් පැවැත්වූ බව ඔහු පවසනවා. වෛද්‍යවරුන් පිළිබඳ දත්ත ගබඩාවක් නොමැතිවීමද මෙම ප‍්‍රශ්නයට හේතුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.2012-01-29
ව්‍යාජ දොස්තරලා නිසා හරි ප‍්‍රශ්න
Tags