දැයට කිරුළ ප‍්‍රදර්ශනය පවත්වන අනුරාධපුර ඔයාමඩුව ප‍්‍රදේශයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් කි‍්‍රයාත්මක වනවා. වියළි කාලගුණය හේතුවෙන් එම ප‍්‍රදේශයේ ඩෙංගු කීටයන් වර්ධනය වීම ඊට හේතුවයි. රජයේ කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නජිත සුමනසේන මහතා ප‍්‍රකාශ කළේ දෙසැම්බර් සහ ජනවාරි මාසවල හමු වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇති බවයි.
කළුතර, නුගේගොඩ, කෝට්ටේ, කොළොන්නාව, කටාන, මීගමුව, එරාවුර්, මඩකලපුව යන ප‍්‍රදේශවල මෙන්ම උතුරු පළාතෙන්ද ඩෙංගු රෝගීන් හමු වී තිබෙනවා. සුවිසල් නිවාසවල සහ කර්මාන්ත ශාලාවලද ඩෙංගු කීටයන් බෝවීම වැඩි වී ඇති බවයි ඔහු අනාවරණ කළේ. කෙසේ වෙතත් ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ජනතා සහයෝගය ප‍්‍රමාණවත් නොවන බව ඔහු යළි අවධාරණය කළා.

මේ අතර සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය සඳහන් කළේ රත්මලාන දුම්රිය වැඩබිමේ සේවකයන් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඩෙංගු රෝගයට ගොදුරුව පීඩා විඳින බවයි. එම වැඩබිම නිසි පරිදි පිරිසිදු නොකිරීම නිසා මෙම තත්වය උදා වී තිබෙනවා.
වැඩබිමේ ඩෙංගු මදුරුවන් බෝවීම මර්දනය නොකළහොත් රාජකාරී කටයුතුවලින් ඉවත් වන බව එම සංගමයේ ප‍්‍රධාන ලේකම් සුමතිපාල මානවඩු මහතා ප‍්‍රකාශ කළා. ඒ ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා වෙත ලිපියක් යොමු කරමින්.