පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප්රාදේශීය සභාවල ඡුන්ද විමසීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. මාර්තු මස 10 වැනිදා අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ. එදිනට එය පවත්වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බවයි මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්රකාශකයෙකු සඳහන් කළේ. මැතිවරණය සඳහා පළාත් පාලන ආයතන දෙකෙන් නාමයෝජනා භාරදී ඇති සියලූම දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයන්ට මේ සඳහා ආරාධනා කර තිබෙනවා. බිම්බෝම්බ ඉවත් නොකිරීම සහ නැවත පදිංචි කිරීම් අවසන් නොවීම හේතුවෙන් මෙම පළාත් පාලන ආයතන දෙකෙහි ඡන්ද විමසීම කල්දමනු ලැබුවා. කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් මස 28 වැනිදා මැතිවරණ කොමසාරිස්වරයා නියෝජනය කළේ අදාළ ඡුන්ද විමසීම මාර්තු මස 10 වැනිදා දක්වා කල් තමන බවයි.
2012-01-03
මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.