2012-01-16

නීති ක්ෂේත‍්‍රයේ භික්ෂු දායකත්වය වැඩි කිරීමට යෝජනා


නීති ක්ෂේත‍්‍රයේ භික්ෂුන් වහන්සේගේ දායකත්වය වැඩිකිරීමට අධිකරණ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අමාත්‍ය රවුෆ් හකීම් මහතා මහනුවර ඊයේ පැවති රැස්වීමක දී ඒ බව ප‍්‍රකාශ කළා.
භික්ෂන් වහන්සේ පාර්ශවකරුවන් වන නඩු විභාග කිරීම සඳහා මහනුවර අධිකරණ සංකීර්ණයේ
වෙනම ශාලාවක් ඇති කිරීමට ද අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මේ අතර භික්ෂුන් වහන්සේ පාර්ශවකරුවන් වන නඩු විභාග කිරීම සඳහා වෙනම අධිකරණයක් අවශ්‍ය බව අග‍්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතා ඉකුත් සමයේ අවස්ථා කිහිපයකදී පෙන්වා දුන්නා. එසේ නොමැතිව දැනට කෙරෙන පරිදි සාමාන්‍ය අධිකරණවලදීම එම නඩු විභාගයට ගැනීමෙන් භිත්ෂුන් වහන්සේට අගතියක් වන බවයි අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.