2012-01-16

සජිත්ට සහ දයාසිරිට එජාපය නැති වෙයිද?


නව නිළධාරීන් පත්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ප‍්‍රථමවරට අද රැස්වනවා. ඒ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රි ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා පැවසුවේ පවතින පුරප්පාඩු සඳහා පුද්ගලයන් පත්කිරීම ද මෙහිදී සිදුවන බවයි.
ආණ්ඩුවට එරෙහි ශක්තිමත් විපක්ෂයක් බිහිකිරීම සඳහා ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බව ප‍්‍රකාශ කෙරුණා. පක්ෂයේ සමගිය ආරක්ෂා කිරීම ද සාකච්ඡාවලට මාතෘකාවක් වනු ඇති. දේශපාලන ආරංචි පවසන්නේ ඇතැම් සාමාජිකයන්ගේ විනය විරෝධි ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද අද රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ඡා කරන බවයි. නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ සාමාජිකත්වය අත්හිටුවා විනය පරීක්ෂණයක් පැවැත්වීමට වූ යෝජනාවක් ද කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත්වීමට ඉඩ ඇති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.