භාණ්ඩ සහ සේවා සඳහා පාලන මිලක් හඳුන්වාදීමේ අවශ්‍යතාව අවධාරණය කෙරෙනවා. පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානය පවසන්නේ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාටද ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ බවයි.
ඊට අමාත්‍යවරයා යහපත් ප්‍රතිචාර දැක්වූ බවද භාණ්ඩ හා සේවා කිහිපයකට හෝ පාලන මිලක් හඳුන්වාදීමට එකඟ වූ බවද එම සංවිධානයේ ලේකම් සේනක පෙරේරා මහතා ප්‍රකාශ කළා. භාණ්ඩ සහ සේවාවල ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහාද පියවර ගත යුතු බව අවධාරණය කෙරුණා.
මේ අතර තාවකාලිකව ඉවත් කෙරුණු ප්ලාස්ටික් කූඩ නීතිය හෙට සිට යළි බලාත්මක කිරීමට නියමිතයි. මුල් අවස්ථාවේදී නීතිය බලාත්මක කෙරුණේ විධිමත් සමාජ කථිකාවකින් හෝ දැනුවත් කිරීමකින් තොරව බවට චෝදනා නැගුණා. එයද සැලකිල්ලට ගෙන ඉකුත් මාසයේදී ගොවීන් ව්‍යාපාරිකයන් සහ ප්‍රාදේශීය බලධාරීන් ප්‍රමාණවත් තරම් දැනුවත් කළ බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.