2012-01-14

කැලණි සරසවියෙන් තවත් මැසිවිල්ලක්


ශිෂ්‍යභාවය අත්හිටු වූ කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 17 දෙනෙකු සම්බන්ධයෙන් පරිපාලනය තවමත් නිහඬව සිටින්නේ මන්දැයි එම විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පවසනවා.
එහි නියෝජිතයෙකු වන ජානක බණ්ඩාර පවසන්නේ කිසියම් සිසුවෙකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවහොත් සති දෙකක් ඇතුළත විනය පරීක්ෂණයක් පවත්වා එම දඬුවම ස්ථිර කිරීමට හෝ ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි. එහෙත් අදාළ සිසුන් 17 දෙනාගේ ශිෂ්‍ය භාවය අහෝසි කර මාසයක් ද ඉක්ම ගොස් ඇතත් මේ දක්වා විනය පරීක්ෂණයක් පවත්වා නොමැති බවයි ප‍්‍රකාශ කෙරුණේ.
මේ අතර කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවන වසර සිසුන් සඳහා සියලූම දේශන නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා. එම සිසුන් නේවාසිකාගාරවලින් සහ විශ්ව විද්‍යාල පරිශ‍්‍රයෙන්ද ඉවත්විය යුතු බවයි ඊයේ පස්වරුවේ නිවේදනය කෙරුණේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.