2012-01-28

සාමාන්‍ය තැපැල් ගාස්තුව තුන් ගුණයකින් වැඩි කෙරේ


ව්‍යාපාරික සහ සාමාන්‍ය යන ලිපි වර්ග දෙකටම සමාන මුද්දර ගාස්තුවක් හඳුන්වා දිය යුතු බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එසේ නොවීමෙන් ව්‍යාපාරිකයන් අයුතු ලාභ උපයා ගන්නා සේම තැපැල් දෙපාර්තමේන්තුව පාඩු ලබන බවයි එම එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක චින්තක බණ්ඩාර මහතා පැවසුවේ. තැපැල් සේවාව දිනෙන් දින බිඳවැටීමට හේතු මොනවාදැයි සංවාදයකට එක්වෙමින් චින්තක බණ්ඩාර මහතා ඒ බව පැවසුවා.
 ව්‍යාපාරික ලිපියක් සඳහා දැන් අය කෙරෙන මුද්දර ගාස්තුව රුපියල් පහළොවක්. එහෙත් සාමාන්‍ය ලිපියක් සඳහා අය කෙරෙන්නේ රුපියල් පහක් පමණයි. කෙසේ වෙතත් ලිපියක් සඳහා වැය වන මුදල රුපියල් 17ක් පවනවා. එබැවින් ව්‍යාපාරික සහ සාමාන්‍ය යන ලිපි දෙවර්ගය සඳහාම රුපියල් 17ක් බැගින් මුද්දර ගාස්තුවක් අය කළ යුතු බවයි ප‍්‍රකාශ කෙරුණේ.
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක හිඟයක් ඇතැයි ද එය කඩිනමින් සමනය කළ යුතු බව ද ප‍්‍රකාශ කෙරුණා. උසස් වීම් සහ වැටුප් විෂමතා සම්බන්ධයෙන් ගැටළුවලට ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවයි චින්තක බණ්ඩාර මහතා අවධාරනය කළේ.