පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ වෙළෙඳ සංගමය මගින් ස්‌වකැමැත්තෙන් දුම්වැටි අලෙවි කිරීම නවතා දැමීමට ඒකමතිකව තීරණයක් ගෙන ඇතත් ඊට විරුද්ධ යම් පිරිසක් යතුරු පැදිවලින් තැනින් තැන ගොස් දුම්බීම නතර නොකරන ලෙසට පුද්ගලයන් දැනුවත් කිරීමට ගන්නා උත්සාහය ගැන වෙළෙඳ සංගමය විරෝධය පළ කර සිටිනවා.
එම වෙළෙඳ සංගමයේ සංඛ්‍යා ලේඛනවලට අනුව වසරකට එම කොට්‌ඨාසයේ රුපියල් ලක්‍ෂ 67 ක දුම්වැටි අලෙවි වන බව වෙළෙඳ සංගමය පෙන්වා දෙනවා. මෙම කුමන්ත්‍රණය පරාජය කිරීමට අවශ්‍ය සෑම සහයෝගයක්‌ම වෙළෙඳ සංගමයට ලබාදෙන බවත් මෙම රහසිගත මෙහෙයුමේ යෙදී සිටින පුද්ගලයින්ට විරුද්ධව ක්‍රියාකිරීමට කටයුතු කරන බවත් ප්‍රාදේශීය සභා සභාපති අනුර මඩලුස්‌ස මහතා අවධාරණය කරනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.