අනුරාධපුර විහාරහල්මිල්ලෑවකුලම ප්රදේශයෙන් ඊයේ අනාවරණ වු පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පළමු සැකකරු ඝාතනයට ලක්වුවෙකුගේ හිතවතෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගැනුනේ හසලක ප්රදේශයේදියි. ඔහුගෙන් ලැබුණු තොරතුරුවලට අනුව අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන්ගෙන් එක් අයෙකු ඝාතනයට ලක්වු කාන්තාවකගේ බාල සහෝදරයෙක්. ඝාතනය සිදුවු නිවසින් රුපියල් ලක්ෂ 04ක් කොල්ල කා ඇතැයි ද මෙම ඝාතනයට හේතුව ඉඩම් ආරවුලක් බවද දැනට සැකකෙරෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2013-11-06
අනුරපුර පංච පුද්ගල ඝාතනයේ සැක තුන්දෙනෙකු අත්අඩංගුවට
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.