2012-02-17

කොමිසම අක්‍රියයි - වියදම මිලියන 248යි


ශ‍්‍රි ලංකා පොලිස් කොමිසම අක‍්‍රිය වී තිබු සමයේ දි එහි කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 248 කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා. ඒ සේවක වැටුප් සහ ගොඩනැගිලි කුලිය වෙනුවෙන්. 2002 වසරේ ස්ථාපිත කෙරුණු ශ‍්‍රී ලංකා පොලිස් කොමිසම 2009 වසරේ අපේ‍්‍රල් මස 10 වැනි දින අක‍්‍රිය වුණා.
එම කාලයේ දි සේවක වැටුප් වෙනුවෙන් කොමිසම රුපියල් මිලියන 10 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 20 කට ආසන්න මුදලක් වැය වි තිබෙනවා.  කොළඹ 03, රොටුන්ඩා උද්‍යානයේ පිහිටා ඇති එම කොමිසමේ කාර්යාල ගොඩනැගිල්ල වෙනුවෙන් මසකට රුපියල් ලක්‍ෂ 04 කට ආසන්න මුදලක් වැය කර ඇති බව සඳහන්. ඒ අනුව කොමිසම අක‍්‍රියව පැවති කාලයේ දී ගොඩනැගිලි කුලිය වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 238 කට ආසන්නයි.
උපුටා ගැනීම - nethfm.com

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.