මොණරාගල නගරයේ අත්පත්‍රිකා බෙදා හරිමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසකට කිසියම් පිරිසක් විසින් බාධාකර ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පවසනවා. දිවයින පුරා සංවිධානය කර තිබූ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික දැනුවත් කිරීමේ ව්‍යාපාරයට සමගාමීව මොනරාගල නගරයේදී ද අද (26) පෙරවරු 9.00 සිට පත්රකා බෙදාහරිමින් ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිට තිබෙනවා.
පත්‍රිකා බෙදීම ආරම්භ කර පැය කිහිපයක් ඉක්ම ගොස් දහවල් 11.30ට පමණ පැමිණී මැර පිරිසක් ජවිපෙ සාමාජිකයන්ට දිගින් දිගටම බාධාකරමින් ගැටුමක් ඇතිකරගැනීමට උත්සාහ දරා ඇත.
පත්‍රිකා බෙදීම ආරම්භ කර පැය කිහිපයක් ඉක්ම ගොස් දහවල් 11.30ට පමණ පැමිණී මැර පිරිසක් ජවිපෙ සාමාජිකයන්ට දිගින් දිගටම බාධාකරමින් ගැටුමක් ඇතිකරගැනීමට උත්සාහ දරා ඇත.
මේ අවස්ථාවේ ක්‍රියාත්මක වූ ජවිපෙ සාමාජිකයින් පොලිස් හදිසි ඇමතුමට දන්වා ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ සිටියදීද මෙම මැරයන් විසින් ජවිපෙ සාමාජිකයන්ට බාධා කර ඇතැයි වාර්තා වනවා. ජවිපෙ මාධ්‍ය ඒකකය පවසන පරිදි මොණරාගල ප්‍රාදේශීය සභාවේ ප්‍රබලයකු සමග පැමිණි මැරපිරිසක් මෙම බාධා කිරීම් සිදුකර ඇතැයි පැවසෙනවා. මොණරාගල පොලීසියට මේ සම්බන්ධයේ පැමිණිල්ලක් ද කර තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.