2012-02-28

රාගම ස්ටේෂන් එකේදී තරුණියකට අතවරයක්


කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ දුම්රියක ගමන් ගත් තරුණියක් ලිංගික අතවරයකට ලක්වීම පිළිබඳ රාගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. රාගම දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කළ අවස්ථාවේදීයි මෙම සිද්ධිය සිදුව ඇත්තේ. දුම්රිය ප‍්‍රධාන නියාමක මැදිරියට පිටුපස පිහිටි මැදිරියේදී මෙම සිද්ධිය සිදුවී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණ වුණා.
ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පැමිණි දුම්රිය බලධාරීන්ටද සැකකරු විසින් පහරදී ඇතැයි පොලිසිය ප‍්‍රකාශ කළා. සැකකරු යුද හමුදා කෝප‍්‍රල්වරයෙක්. සැකකරු බත්තරමුල්ලේ හමුදා කඳවුරේ සිට සිට දුම්රියෙන් මඩකලපුව බලා ගමන් කරමින් සිටියා. මෙම සිදුවීම හේතුවෙන් දුම්රිය පැයක පමණ කාලයක් ප‍්‍රමාද වූ බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.  

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.