2012-02-26

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට ස්ථාන මාරුවක්



ඉඩකඩ ප‍්‍රමාණවත් නොවීම සහ විවිධ ආරක්‍ෂක හේතූන් කිහිපයක් මත වවුනියාව බන්ධනාගාරයේ රඳවා සිටි එල්.ටී.ටී.ඊ රැඳවුවන් පිරිසක් අනුරාධපුර බන්ධනාගාරයට මාර කර යැවීමට තීරණය කර තිබෙනවා. මෙහි පළමු අදියරේ දී රැුඳවූවන් 50 දෙනකු මාරු කිරීමටයි තීරණය කර තිබෙන්නේ. අවශ්‍ය පහසුකම් සහ ප‍්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම නිසා එල්.ටී.ටී.ඊ රැඳවුවන් දැඩි අසීරුතාවයකට පත්ව පසුගිය දා විරෝධතා ව්‍යාපාරවල ද නිරත වුණා.

මේ අතර බන්ධනාගාර රැඳවියන් එකම කඳවුරු තුළට ඇතුලත් කිරිම ගැටුම් ඇති වීමට ප‍්‍රධාන හේතුව බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම නිසා දඬුවම් විඳින සහ රිමාන්ඞ් භාරයේ සිටින රැඳවුවන් වෙන් කොට තැබීමටයි තීරණය කර ඇත්තේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.