2012-02-25

ඔල්ගා සහ ව්ලැද්මීර්ගේ පරාදීසයේ විවාහය


ඔල්ගා ග්‍රෝබවෙවා සහ ව්ලැද්මීර් ඇලෙක්සැන්ඩ්‍රෝරිච් ලුෂාකොව්ස්කි නමැති රුසියානු ජාතික යුවල පසුගිය 11 වනදා එවුන්ගේ පවුලේ සාමාජිකයින් සමග දිවයිනට පැමිණ ඇත්තේ පරාදීසයක ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීමේ අදහසිනි. ඔවුන්ගේ එම අදහස යථාර්තයක් බවට පත් කරමින් මවුළු මවුළු රිසෝට් සහ ස්පා එම විවාහ උත්සවය සංවිධාන කළ අතර එය
රුසියානු, සිංහල සහ හින්දු චාරිත්‍ර වාරිත්‍ර මිශ්‍ර විවාහයක් ලෙස පැවැත්විණි.
සාම්ප්‍රදායික සිංහල සහ රුසියානු චාරිත්‍රවලට අනුව උදෑසන විවාහය පැවැත්වුණු අතර සන්ධ්‍යා කාලයේදී විවාහ උත්සවය හින්දු චාරිත්‍රවලට අනුව සිදු කෙරිණි. 
මෙහිදී මනාල යුවළ සාම්ප්‍රදායික හින්දු ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටි අතර විවාහ උත්සවය හින්දු පූජකවරයෙකු විසින් පවත්වා ඇත.  පාසිකුඩා වෙරළ තීරයෙහි මවුළු මවුළු රිසෝට් හා ස්පාහිදී 18 වැනිදා විදේශීය යුවලගේ විවාහ උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාවට හෝටලයේ කාර්ය මණ්ඩලය අමුත්තන් සහ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්ද සහභාගි වුණා. 









No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.