2012-02-15

විදුලි බිලට ඉන්ධන ගැලපුම් ගාස්තුවක්

ඉන්ධන ගැලපුම් ගාස්තුවක් විදුලි බිලට අද සිට එක් කිරීමට මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි ඒ පිළිබඳ ප‍්‍රකාශයට පත් කෙරුණේ. ඒ අනුව ඒකක 01 සිට 30 දක්වා 25% ක ඉන්ධන ගැලපුම් ගාස්තුවක් ද ඒකක 31 සිට 60 දක්වා 35% ක ඉන්ධන ගැලපුම් ගාස්තුවක් ද ඒකක 60 වැඩි වන විට 40% ක ඉන්ධන ගැලපුම් ගාස්තුවක් ද විදුලි බිලට එක්කෙරෙනවා. 

ඉන්ධන ගැලපුම් ගාස්තු එක් කිරීමෙන් අනතුරුව ඒකක 01 සිට 30 දක්වා විදුලි පරිභෝගිකයින්ට රුපියල් 22.50 ක අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවනවා. ඒකක 31 ත් 60 ත් අතර පාරිභෝගිකයින්ට අමතරන ගෙවීමට සිදුවන මුදල රුපියල් 80.85 ක්. ඒකක 60 ත් 90 ත් අතර පාරිභෝගිකයින්ට රුපියල් 183.40 ක අමතර ගාස්තුවක් ගෙවිමට සිදුවනවා. ඒකක 90 ත් 120 ත් අතර පාරිභෝගිකයින්ට දැරීමට සිදුවන අමතර ගාස්තුව රුපියල් 434.40 ක්.  ඒකක 120 ත් 180 ත් අතර පාරිභෝගිකයින්ට රුපියල් 1010.00 ක අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවන බවට මහජන උපයෝගිතා කොමිසම පවසනවා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.