2012-02-27

රජයට සහය පළ කරමින් රට පුරා උද්ඝෝෂණ


ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහි ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලියට විරෝධය පළ කරමින් මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවත් වේ.
ගාල්ල, මහනුවර. පානදුර, බණ්ඩාරවෙල, දඹුල්ල, රත්නපුර, බෙලිඅත්ත, මඩකළපුව, ජාඇල, ගලෙන්බිඳුනුවැව, මුලටියන, ගම්පොල, ගෙලිඔය, අම්පාර ඇතුළු ප්‍රදේශ රැසක අද පෙරවරුවේ පටන් එම විරෝධතා පැවැත්වෙන බව වාර්තා වනවා.

මෙම සියලු විරෝධතා සාමකාමී ව පැවැත්වෙන අතර විශේෂත්වය වනුයේ ඊට සහභාගී වන සියලු දෙනා ජාතික කොඩි රැගෙන විරෝධතා සඳහා එක් ව සිටීමයි. මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාව අබිමුව පැවැත්වෙන උද්ඝෝෂණය ආගමික කටයුතුවලට මුල්තැන දී සුදු ඇඳුමින් සැරසුණු පිරිසකගෙන් ඇරඹිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්ත නගරයේ පැවැත්වෙන විරෝධතාවට කළු ඇඳුමින් සැරසුණු ජනතාව එක් ව සිටිති.
ගම්පොල - අග්‍රාමාත්‍ය දිමු ජයරත්න‍ගේ ප්‍රධානත්වයෙන් ද මුලටියන - වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ද රත්නපුර - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් ද ගාල්ල - පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් ද එම උද්ඝෝෂණ පැවැත්වෙන බව වාර්තා වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සංවිධානයෙන් රටේ සියලු මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි එම උද්ඝෝෂණ පැවැත්වීමට නියමිත ය. කොළඹ නගරයේ ප්‍රධාන උද්ඝෝෂණය කොටුව දුම්රියපොල ඉදිරිපිට දී අද (27)පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතයි.
Source www.asianmirror.lk


‍තංගල්ල නගරයේ අද පවැති සාමකාමි විරෝධතාවයේ ඡායාරූප






No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.