2012-02-27

රටට එරෙහි කුමන්ත්‍රණවලට එරෙහිව සමගිව නැගී සිටිමු


රටට එරෙහිව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බලවේග මැඩපැවැත්වීම සඳහා මෙරට සියලු ජනතාව සමගි සම්පන්නව නැඟී සිටිය යුතු බව ත්‍රෛයිනිකායක මහානායක මාහිමිපාණන් වහන්සේලා පවසති.
රට සංවර්ධනය කරා යන ගමන අඩාල කිරීම සඳහා බටහිර ජාතීන් යළිත් මාන බලමින් සිටින බව මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ, අමරපුර නිකායන්ට අයත් මහානායක හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

මෙරට ජාතික සමගිය හා රටේ සංවර්ධනය විනාශ කිරීමේ අරමුණින් ඔවුන් ගෙන යන මෙම කුමන්ත්‍රණය පරාජය කිරීමට ජාති, ආගම්, කුල, පක්ෂ භේදයෙන් තොරව රටේ සියලුදෙනා නැඟී සිටිය යුතු බව උන්වහන්සේලා පවසනවා.
සතුරු බලවේග හමුවේ බුදුන් වහන්සේ දේශනා කළ සප්ත අපරිහානි ධර්ම සිහිපත් කොට කරුණා මෛත්‍රිය පෙරදැරිව කටයුතු කිරීම ඉතා වැදගත් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
Source : Ada Derana

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.