2012-02-27

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සැසි වාරය අද ඇරඹේ


රටවල් 47ක සහභාගීත්වයෙන් එක්සත් ජාතීන්ගේ 19 වන මානව හිමිකම් සැසිවාරය අද (27) ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී ආරම්භ  වනවා. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට අමෙරිකාව සූදානම්ව සිටීම හේතුවෙන් මෙවර සමුළුව අප රටට ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2ට පමණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මෙරට වේලාවෙන් රාත්‍රී 7ට පමණ සමුළුව ඇමතීමට නියමිතව තිබේ. ජිනිවා ගොස් සිටින මෙරට දූත පිරිස බටහිර රටවලින් එල්ල වන ඕනෑම චෝදනාවකට පිළිතුරු ලබාදීමට සූදානමින් සිටින බව පැවසෙනවා.
කෙසේවෙතත් ජාත්‍යන්තරයට එරෙහිව උද්ඝෝෂණ සිදුකිරීම වෙනුවට උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය සඳහා වූ ජනාධිපති කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පවසන්නේ.
අමෙරිකාව හෝ ලෝකයේ බලගතු රටවලට එරෙහිව උද්ඝෝෂණ සිදුකිරීමෙන් සැබෑ ප්‍රශ්න වලට විසඳුමක් නොලැබෙන බව හෙතෙම කියා සිටියේ. කළ යුත්තේ අවම වශයෙන් එකී නිර්දේශ හෝ ක්‍රියාත්මක කරන බවට එක්සත් ජාතීන්ට සහතික වීම බවද ඔහු අවධාරණය කරනවා.
Source: Ada derana

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.