2012-02-02

වාස් ගුණවර්ධන දැඩි සත්කාර ඒකකයේ


රෝහල්ගත කරනු ලැබූ කුරුණෑගල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා සුව අතට හැරෙමින් සිටින බව වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි. කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ගනිමින් සිටි ඖෂධ වර්ගයක් අත්වැරදීමකින් පමණට වැඩියෙන් ගැනීම
හේතුවෙන් ඊයේ රාත්‍රීයේ වාස් ගුණවර්ධන මහතා කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අද දෙරණට කියා සිටියේය.
නිරාහාරව සිටීම හා දැඩි තෙහෙට්ටුවෙන් සිටි අවස්ථාවක පමණ ඉක්මවා එකී ඖෂධ ශරීරගතවීම හේතුවෙන් ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හදිසියේ දැඩි ලෙස රෝගාතුරු වූ බව පූජිත ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.