මෙතෙක් නොදුටු යෝජනාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ මෙහෙයවීමෙන් රට තුළ මතු කෙරෙන විරෝධය පිළිගත නොහැකි බව විපක්ෂයේ විරෝධය ව්‍යාපාරය පවසනවා. එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අමෙරිකාව විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට මෙම යෝජනාව ඉදිරිපත් කරන බව
ප්‍රකාශ කර තිබෙනවා. එහි තිබෙන්නේ කුමක්දැයි නොදැන ඊට එරෙහි වන්නේ කෙසේ දැයි මන්තී‍්‍රවරයා වැඩි දුරටත් ප්‍රශ්න කර සිටියා.
විපක්ෂයේ පුළුල් දේශපාලන සන්ධානයක් සඳහා තමා නොනිල වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග යළි සාකච්ඡා කළ බව ද සමරවීර මහතා කියා සිටියා. ජනතාවගේ සැබෑ ගැටළු ආමන්ත්‍රණය කරන එම විපක්ෂ වේදිකාව ආණ්ඩු පිහිටුවන සන්ධානයක් වීම අත්‍යවශ්‍ය නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ. ජන අරගල ව්‍යාපාරයට ද විපක්ෂයේ විරෝධය ව්‍යාපාරය සමග එක්විය හැකි බව මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.