වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා අවස්ථා ගණනාවක පාලනාධිකාරියෙන් ඉල්ලා සිටියද මේ වන තෙක් ඊට නිසි විසඳුම් නොලැබීමේ හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද සිට එහි ටෙන්ඩර් මණ්ඩලවලින්, විශේෂ ව්‍යාපෘතිවලින් හා තාක්‍ෂණික ඇගයීම් කමිටුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ව්‍යාපෘති, මිලදී ගැනීම් ආදිය ඇණහිටීමට ඉඩ ඇති බවයි ඔවුන් පවසන්නේ.
මේ නිසා "2012දී සැමට විදුලිය" ව්‍යාපෘතියද අඩාල විය හැකි බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරනවා.
මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කරන්නේ විදුලි බල මණ්ඩලයේ පහලම සේවකයාගේ සිට ඉහලම නිළධාරියා දක්වා වැටුප් අනුපාතය 1:4ක් වන අතර එය 1:7ක් කරන්නැයි ඔවුන් අසාධාරණ ඉල්ලීම් සිදු කරන බවයි.
ගෙවී ගිය සතියේදී දිවයිනේ ස්ථාන කිහිපයක තැනින් තැන විදුලිය බිඳ වැටීම් වාර්තා වියග
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.