ගබ්සා නිතීයේ සංශෝධනයක් ඇති කර ගැනීම සඳහා ජනතාවගේ අදහස් ලබා ගැනීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇත. මාර්තු 08 වන දින යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සඳහා අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන කාන්තා සැමරුම් උළෙලේදී මේ පිළිබඳව ජනතාවගේ අදහස් ලබා ගැනීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
දුෂණයට ලක්ව ගැබ්ගත්, සමීපතම ඥාතියකු නිසා ගැබ්ගත් වසස අවුරුදු 18ට අඩු දැරියන් හා ජාන විකෘති ඇති ආබාධ සහිත කලල කුස දරා සිටින කාන්තාවන් වෙනුවෙන් ගබ්සා යන කරුණු පිළිබඳව නිතී සංශෝධනයක් අවශ්‍යද යන්න මෙහිදී සාකච්ජාවට ලක් කෙරේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.