2012-03-31

විමල් ගැන රහසක් අචල හෙළි කරයි


ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ මහතා එක්සත් ජාතින්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට සිදුකල උපවාසය ඉල්ලාගත් එකක් යැයි දැනගන්නට ලැබේ. මෙම උපවාසය සඳහා මුලින් සහභාගීවීමට සිට ඇත්තේ අචල ජාගොඩ මන්ත්‍රිවරයායි. නමුත් පසුව මාධ්‍ය මඟින් ලැබුණ පුළුල් ප්‍රචාරය නිසා තමාගේ තැන ඉවත්කර
ඒ සඳහා විමල් අමාත්‍යවරයා ඉදිරිපත්වන බව පවසා ඇත. එහිදී අචල මන්ත්‍රිවරයා කැමැත්තෙන්ම ඉවත්වී ඇත.

මුල් සාකච්ඡාවෙදී උපවාසය සඳහා කිසිවෙක් ඉදිරිපත් නොවු අතර දිර්ඝ වශයෙන් සිදුකල සාකච්ඡාවකින් පසු ජාතික නිදහස් පෙරමුණ තිරණය කර ඇත්ත අචල ජාගොඩ මන්ත්‍රිවරයා උපවාසයට වාඩිවිය යුතු බවයි. ඒ සඳහා ලැබුණ ප්‍රචාරය ඉවසා ගත නොහැකිවු අමාත්‍යවරයා එම අවස්ථාව බලෙන්ම ලබා ගෙන තිබේ.
ලෝකෙම සංවිධිත ප්‍රතිපත්ති හා වගකිම් ගැන කථා කරන මෙ නායකයා දැඩි ඒකාධිපතියෙකු ලෙස කටයුතු කරන්නේ යැයි ජාගොඩ මහතා සිය හිතවතුන්ට පවසා ඇත.
මිනිහට විරුද්ධව මතයක් ප්‍රකාශ කළොත් පලිගන්නවා.  කියන දේ අහගෙන යස් සර්, ඔව් සර්,හරි සර් කියන අයට සලකනවා යැයිද ඔහු පවසා ඇති බවයි ලංකා ගොසිප් ටුබේ වෙබ් අඩවිය පවසන්නේ.
මූලාශ්‍රය - ලංකාගොසිප්ටුඩේ

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.