2012-03-31

වෑන් කැන්ටර් ගැටුමෙන් අයෙක් මරුට


අම්බලන්ගොඩල කහව ප්‍ර‍දේශයේ අද (31) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. වෑන් රථයක් හා දොඹකරයක් සහිත කැන්ටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අනතුරින් වෑන් රථයේ රියදුරා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ කැන්ටර් රථයේ රියදුරා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මියගිය පුද්ගලයා අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර මීගමුව - මීරිගම ප්‍රධාන මාර්ගයේ බලවල පාලම මත දී පාපැදියක් පෙරළීයාම හේතුවෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ බටල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙක්  බව පොලිසිය පවසනවා.
මේ අතර කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොට්ටාව දුම්රිය ස්ථානයට ආසන්නයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ග‍ලයෙක්.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.