2012-03-26

ගාල්ලේ සැප බස් වර්ජනයක්


ගාල්ල - කොළඹ සුඛෝපභෝගී බස් රථ ධාවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අද (26) පෙරවරුවේ කිසිඳු සුඛෝපභෝගී බස් රථයක් ගාල්ලෙන් පිටත් නොවූ බව වාර්තා වනවා. අධිවේගී මාර්ගයේ ධාවනයට යොදන බස් රථ මේ වනවිට ගාල්ල ‍- කොළඹ සුඛෝපභෝගී බස් රථ නවත්වන ස්ථානයේ නැවැත්වීම සිදුවන බැවින් විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව පැවසෙනවා.
 අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථ වෙනත් ස්ථානයක නැවැත්වීමට පියවර ගත යුතු බව සුඛෝපභෝගී බස් රථ හිමියන් ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ. 
එසේ නොමැතිනම් රුපියල් 300 ක මුදලක් යටතේ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සඳහා තමන්ට ද අවසර දෙන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.