2012-03-26

ශී‍්‍ර ලංකාවට සම්බාධක පනවන්න බැහැ


ජිනිවා හී මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ යෝජනාව හරහා ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවිය නොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරීස් මහතා අවධාරණය කරනවා. අදාළ යෝජනාව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වූ යෝජනාවක් පමණක් බැවින් එවැනි සම්බාධක පැනවීමක් සිදු කළ නොහැකි බව ඔහු පෙන්වා දෙන්නේ. සම්බාධක පැනවීමට නම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී යෝජනාවක් සම්මත විය යුතු බව ජී.එල්. පීරීස් මහතා පවසන්නේ. 

ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ යෝජනා සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (26) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේ දී පීරිස් මහතා මේ අදහස් පළ කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.