2012-03-23

සැකකරුවන් අධිකරණය හමුවට - මහ පිරිසක් විරෝධතාවක


කෝට්ටේ රජමහ විහාරයේ හිමි දෙනම ඝතනය කළැයි සැකපිට  බස්නායක නිළමේවරයෙකු වන හර්ෂ මංජු ශ්‍රී  මනිකීර්ති සහ   සිවුරුහළ පුදුගලයෙකු වන එම්.ඒ. සුරේෂ් යන අය නුගේගොඩ අධිකරණ ශාලාවට රැගෙන එද්දී   මහත් කලබලයක් ඇතිවිය. 100 කට අධික පිරිසක් උසාවි භූමියට පැන සැකකරුවන්ට  බැණ වදිමින් ශාප කළහ. ඔවුන්ට නිතීඥ සහය නොදෙන්නැයි ඔවුන් ඉල්ලීය. 
ඔවුන් බේරා ගැනිමට මහත් වෙහෙසක් දැරීමට පොලීසියට සිදුවිය.
හිමිවරුන් ඝාතනයේ සැකකරුවන් වන හර්ෂ මංජු ශ්‍රි මනිකීර්ති නැමැති නිළමේවරයා හා සිවුරුහල පුද්ගලයකු වන එම්.ඒ. සුරේෂ් යන අය ලබන 5 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත්  අජිත් එම්. මාසිංහ මහතා නියෝග කළේය. සැකකරුවන් 19 වැනිදා හඳුනාගැනිමේ පෙරට්ටුවට තැබීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.