ශ්‍රවණාබාධිත දැරියකට සැත්කමක් කිරීම සඳහා යැයි පවසමින් මුදල් එක්රැස් කළ ජාවාරම්කරුවන් පිරිසක් හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 8 දෙනෙකුගෙන් සමන්විත අදාළ පිරිසට කාන්තාවන් පස්දෙනෙකු ඇතුළත් බව අනාවරණ වුණා. ඔවුන් සතුව තිබූ වෛද්‍ය වාර්තා සත්‍ය වුවද එක්රැස් කෙරෙන මුදලින් සුළු ප්‍රමාණයක් පමණක් අදාළ
දැරිය වෙත ලබාදී ඇති බව අත්අඩංගුවට ගත් පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ.
ඊට අමතරව මෙලෙස මුදල් එක්රැස් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිත අවසරයක් පවා ගෙන නොමැති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසියේ නොවිසඳුණ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.