2012-03-18

මාර්ග නීති මැති ඇමැතිවරුන්ටත් අදාලයි


මැති ඇමැතිවරුන්ට මාර්ග නීති කඩකරමින් අධික වේගයෙන් පාරේ ගමන් කිරීමට නොහැකි බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. මැති ඇමැතිවරුන්ට මාර්ග නීති කඩකිරීමට කිසිදු අවසරයක් නැති බව අවධාරණය කරන ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රටේ නීතිය කොයිකාටත් එක හා සමාන බවද කියා සිටියි. ඉකුත් සතියේ ස්ථාන තුනකදී ඇමැතිවරුන්ගේ නිල රථ අනතුරට පත්වීම සම්බන්ධයෙන් අදහස් පලකරමින් ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව
සඳහන් කර තිබෙනවා.
මාර්ග නීති කඩකරන මැති ඇමැතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් එය ‍පොලිස් නිලධාරීන්ගේ වරදක් මිස නීතියේ වරදක් නොවන බවද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.