2012-03-01

ජපුරේ සිසුන් දෙපිරිසක් ගැටේ - දෙදෙනෙකු කළුබෝවිල රෝහලට


ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් දෙපිරිසක් අතර අද (02) පස්වරුවේ ගැටුමක් හට ගැනුණා. මෙම ගැටුම විශ්වවිද්‍යාලය අසල රබර් වත්ත මාර්ගයේදී අද පස්වරුවේ 3.10 ට පමණ හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තත්ත්වය සමථයකට පත්කර ඇති බවත් ගැටුමෙන් තුවාල ලැබු සිසුන් දෙදෙනකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසනවා.
කෙසේ වෙතත් පසුව මිරිහාන පොලීසියෙන් අප කළ විමසීමකදී කියා සිටියේ සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි. ගැටුමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.