රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ, එම විශ්ව විද්‍යාලයේ සේවය කරන පුස්තකාල සහායෙකු විසින් ගොණු කළ පෙත්සමක් විභාගයට ගැනුණු අවස්ථාවේදීයි. ද්වේශ සහගත ලෙස සේවය තහනම් කළ බව පවසමින්
ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොණු කර තිබුණා. කරුණු සළකා බැලීමෙන් අනතුරුව මැයි මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් ලක්මාලී හේවාවසම් මෙනෙවිය එම උපකුලපතිවරයාට නියෝග කළා. 2012-03-09
රජරට කුලපතිට අධිකරණයෙන් නියෝගයක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.