2012-03-09

කථිකාචාර්යවරුන්ට තමිල්නාඩුවේදී එල්.ටී.ටී.ඊ. තර්ජන


ආරාධිත දේශනයක් සඳහා තමිල්නාඩුවේ මනෝමනියම් සුන්දරායර් විශ්ව විද්‍යාලයට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජීවා නිරිඇල්ල සහ කථිකාචාර්ය උදයංගනී තක්ෂිලා යන මහත්මීන්ට කොටි හිතවාදීන් ගෙන් එල්ල වූ තර්ජන නිසා දේශන අතරමග නතර කර ආරක්ෂාව සහිතව ශ්‍රී ලංකාවට එවීමට තමිල්නාඩු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

‘ලංකාවෙන් ආ පිරිස පන්නනු‘ යනුවෙන් පිරිසක් උද්ඝෝෂණය කළ බවත් මේ අනුව සෙනසුරාදා චෙන්නායි දේශනයද අවලංගු කළ බවත් නිරිඇල්ල මහත්මිය පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.