2012-04-20

127 සමග ගුවන් යානයක් කඩා වැටෙයි


අයහපත් කාලගුණික තත්ත්වය නිසා මගීන් 127 දෙනෙකු රැගත් ගුවන් යානයක් පකිස්ථානයේ ඉස්ලාමාබාද් ගුවන් තොටුපළ අසල දී කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.‍ පකිස්ථානයේ කරච්චි නගරයේ සිට ඉස්ලාමාබාද් දක්වා ගමන් කරමින් බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් රාවල්පින්ඩි නගරය සමීපයේ ප්‍රදේශයකට මෙසේ කඩාවැටී ඇති බව පකිස්ථාන මාධ්‍ය වාර්තා කරන්නේ.
ආපදා කණ්ඩායම් ගුවන් යානය කඩාවැටීමට ලක්වූ ස්ථානය වෙත ළඟාවෙමින් සිටින බවත් නමුත් අයහපත් කාලගුණික තත්ත්වය නිසා මාර්ග අවහිරතා පවතින බවත් පොලිස් නිලධාරීන් සඳහන් කර තිබෙනවා.
කඩාවැටීමෙන් පසු ගුවන් යානය ගිනිගැනීමට ලක්ව ඇති බවත් එම ගින්නෙන් යානය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.‍ ඉස්ලාමාබාද් හා රාවල්පින්ඩිහි සියලුම රෝහල්වල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ගුවන් යානය කඩාවැටීමට ලක්වූ අවස්ථාවේ මගීන් 118 දෙනෙකු හා කාර්යය මණ්ඩල සාමාජිකයින් 09 වූ බව ද සඳහන්.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.