ඉන්දියාවේ ස්ථාන කිහිපයක පුහුණුව ලැබූ ත්‍රස්තවාදීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව මෙරට මාධ්‍ය සිදුකර ඇති අනාවරණය සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අවධානය යොමුව තිබෙනවා. එම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අදාළ ආයතන මේ සම්බන්ධයෙන් විමසීම් සිදුකර ඇතත් එවැනි තොරතුරක් ඉන්දීය රජය වෙත ලැබී නොමැති බව අදාළ නිවේදනයේ දැක්වෙනවා. කෙසේවුව ද පසුගිය දා EPDP සංවිධානයේ සාමාජිකයෙකුගේ ඝාතනය සමබන්ධයෙන් ද අදාළ පිරිසගේ සහයක් පැවති බවට තොරතුරු වාර්තා වී ඇති බව මාධ්‍ය ඔස්සේ අනාවරණය කර තිබුණා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.