2012-04-22

රන්ගිරි භූමියේ මුස්ලිම් පල්ලිය අගමැති අණින් ඉවතට


ඓතිහාසික රන්ගිරි දඹුලු විහාර පූජා භූමි ප්‍රදේශයේ ඉදිකෙරමින් පැවැති යැයි පැවසෙන මුස්ලිම් ආගමික දේවස්ථානය වහාම ක්‍රියාත්මක වන පරිදි එම භූමියෙන් ඉවත් කිරීමට පියවර ගත් බව ආග්‍රාමාත්‍ය බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දී.මු. ජයරත්න මහතා  පවසනවා. දී.මු. ජයරත්න මහතා මෙම උපදෙස් ලබාදී ඇත්තේ අද (22) පෙරවරුවේ ගම්පොළ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.  ඒ අනුව ඉවත් කෙරෙන එම මුස්ලිම් දේවස්ථානය ප්‍රදේශයේ වෙනත් සුදුසු ස්ථානයක ස්ථාපිත කොට ඉස්ලාම් භක්තිකයින්ගේ ආගමික ඇදහීම් සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතා කියා සිටියේ ලෝකයේ සියලුම මුස්ලිම් රාජ්‍යයන් ශ්‍රී ලංකාව සමග දැඩි මිත්‍රශීලී හැඟීමකින් ක්‍රියා කරන මෙවන් මොහොතක මෙවැනි අවශේෂ කාරණා පදනම් කර ගනිමින් ජාතීන් හා ආගම් අතර අනවශ්‍ය ගැටලු නිර්මාණය කර ගැනීමට යෑම කිසිදු ආකාරයකින් අනුමත කළ නොහැකි තත්ත්වයක් බවයි. 
මෙම සාකච්ඡාවට ඉස්ලාම් ආගමික නායකතුමන්ලා මෙන්ම ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා මහතා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අබ්දුල් කාදර්, ඒ.එල්.එම්. හිස්බුල්ලා යන දේශපාලන නායකයින් ද එක්ව සිටියා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.