ජාතික විසඳුමක් සඳහා වන තේරීම් කාරක සභාවට සහභාගි වන්නැයි ඉන්දීය නියෝජිත පිරිස කළ ඉල්ලීම දෙමළ සන්ධානය විසින් ඉවත දමා තිබෙනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සඳහන් කළේ අදාල තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් දෙමළ සන්ධානයේ ස්ථාවරය මේ වන විට අවස්ථා කිහිපයකදීම පැහැදිලි කර ඇති බවයි. එය දැන්විය යුතු පාර්ශ්වයන්ට පැහැදිලිව දැනුම් දී ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියා. ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිස ඊයේ ජනාධිපතිවරයාට දැන්වුයේ දෙමළ සන්ධානය පෙළඹවීමෙන් සාකච්ඡා සඳහා කැඳවා ගත යුතු බවයි. ඒ පිළිබඳ කළ විමසීමක දී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසුවේ සාකච්ඡා නැවැත්වීමට ආණ්ඩුව පියවර ගත්තද නැවතත් ආණ්ඩුව සහ දෙමළ සන්ධානය අතර සාකච්ඡා ආරම්භ කිරීමට පියවර නොගත් බවයි. එසේම සාකච්ඡා ආරම්භ කිරීමට ආණ්ඩුව සහ දෙමළ සන්ධානය අතර නැවතත් එකඟතාවක් ඇති නොවූ බවද මන්තී‍්‍රවරයා පෙන්වා දෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මෙලෙසද සඳහන් කළා.
‘‘.....සාකච්ඡා නැවැත්වීමට පියවර ගත්තේ ආණ්ඩුව. ඉන් අනතුරුව ආණ්ඩුව සහ දෙමළ සන්ධානය අතර කිසිදු එකගතාවක් ඇති වුණේ නැහැ එය නැවත ආරම්භ කිරීම පිළිබඳව. ඉතින් අපි කොහොමද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යන්නේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කියන්නේ බහුපාර්ශ්වීය වේදිකාවක්. එතැනදී දෙමළ ජනතාවට බලපාන ගැටලූ විතරක් ප්‍රමුඛත්වය දීලා කරන්න බැරි වෙයි. ආණ්ඩුව සහ දෙමළ සන්ධානයට බැරි නම් ද්වි පාර්ශ්වීය සාකච්ඡා ඔස්සේ අවසන් එකඟතාවකට එන්න අපි කොහොමද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වැනි බහු පාර්ශ්වීය වේදිකාවකදී මේ වගේ ගැටලූ ගැන එකඟතාවකට යන්න. අපි ආණ්ඩුවට නැවත නැවත කියන්න තියෙන්නේ අපි සූදානම් සාකච්ඡා කරන්න. අපි එකඟයි ගැටලූ විසඳ ගන්න. හැබැයි ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් මුලින් එකඟතායකට එන්න ඕන. මේක තමයි අපි ආණ්ඩුවට කිව්වේ, ජනාධිපතිවරයාට කිව්වේ ඒ විතරක් නෙවෙයි ඉන්දීය නියෝජිතයි පිරිසට කිව්වේ.......’’
දෙමළ සන්ධානයේ දැඩි ස්ථාවරය හේතුවෙන් පමා වන්නේ ඔවුන් ඉල්ලා සිටින ජාතික විසඳුම නොවේ දැයි නෙත් නිවුස් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළා. ඔහු පැවසුවේ එහි වගකීම තමන් සතු නොවන බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.