2012-04-18

හොරෙන් ගසා පුද්ගලික ඇපයෙන් එළියට


චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය නීති විරෝධී ලෙස සංයුක්ත තැටි ගත කර විකිණීමේ ජාවාරමක නිරත වූවන් දෙදෙනෙකු පුද්ගලික මුදල් ඇපමත මුදා හැරීමට අධිකරණය අද නියෝග කළා. කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අයෙකුට නියම කළ මුදල් ඇපයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක්. කොළඹ අපරාධ කොට්ඨාශය මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. පොලීසිය පැවසුවේ කොළඹ මල්වත්ත පාරේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.