2012-04-27

නිල් චිත්‍රපට පෙන්වූ හිටපු ගුරතුමා අත්අඩංගුවට


අසභ්‍ය දර්ශන සහිත සංයුක්ත තැටි අලෙවි කළේයැයි සැකපිට විශ‍්‍රාම ලත් පාසල් ගුරුවරයෙකු රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගැනුනා. ඒ ඊයේ රාති‍්‍ර කෙරුණු වැටලීමකදීයි. සැකකාර ගුරුවරයා ළඟ තිබී අසභ්‍ය දර්ශන සහිත සංයුක්ත තැටි 223ක්ද, පරිගණකයක් සහ වෙනත් උපාංගද පොලිස් භාරයට ගැනුණා. වැටලීම සිදු කෙරුණේ රත්නපුර මහ නගර සභාවේ විපක්ෂ නායක ලක්ෂ්මන් මුණසිංහ මහතාගේ තොරතුරකට අනුවයි. සැකකාර ගුරුවරයා විසින් අසභ්‍ය දර්ශන සහිත සංයුක්ත තැටි අලෙවි කර ඇත්තේ පාසල් සිසුන්ට බව විමර්ශනවලින් හෙළි වුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.