2012-04-26

ෆොන්සේකාට තවත් අවස්ථාවක්


හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා වරදකරුවකු කරමින් දෙවන යුද්ධාධිකරණය මගින් පැනවූ මාස 30ක සිරදඬුවම අදින් අවසන් වන බැවින් රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප ඉල්ලීමක් කිරීමට නීතිමය ප්‍රතිපාදන තිබෙන බව ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසයි. හයිකෝප් නඩුවෙන් වරදකරුවකු වීම නිසා ඔහු අද දක්වා වැලිකඩ බන්ධනාගාරයේ විජය කුමාරතුංග වාට්ටුවේ රඳවා තිබිණ.
අදින් පසු හයිකෝප් නඩුවෙන් මෙසේ නිදහස් වුවද සුදුකොඩි නඩුවේ හා සේවයෙන් ඉවත්වීමෙන් පසුවද හමුදා සෙබළුන් රදවා ගැනීමේ නඩුවේ රිමාන්ඩ් සිරකරුවකු වන ඔහුට ඇපෑලක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප ඉල්ලිය හැකි බව රාජපක්ෂ මහතා කීය. උසාවියේ අභිමතය පරිදි මීට පෙර මෙවැනි අවස්ථාවල රිමාන්ඩ් සිරකරුවන් ඇප මත මුදාහැර තිබෙන බවද එය සිදුවන්නේ විනිසුරු තීරණය මත බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සරත් ෆොන්සේකා දෙවැනි යුද්ධාධිකරණය මගින් වරදකරුවකු කෙරුණේ පසුගිය 2010 සැප්තැම්බර් 30 දිනය. බන්ධනාගාර ගත කර සිටින හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා මේවනවිට නේවාසික ප‍්‍රතිකාර සඳහා නවලෝක රෝහලට ඇතුලත් කර ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.