2012-04-22

ළමා අපචාර චෝදනා වාර්තා වීමේ වර්ධනයක්


ළමා අපචාර වාර්තාවීමේ වර්ධනයක් විනා එම සිදුවීම් වර්ධනය වීමක් සිදුව ඇතැයි අපේක්‍ෂා නොකරන බව ජාතික ළමා රක්‍ෂක අධිකාරිය පවසනවා. එහි සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය පැවසුවේ ළමා අපචාර පිළිබඳ සමාජගත වෙමින් පවතින දැනුවත් භාවය මෙම වාර්තාවීම්වලට හේතුව බවයි. පසුගිය වසරට සාපේක්‍ෂව වසරේ මුල් තෙමසේ දී ළමා අපචාර වාර්තාවීම් 08% කින් ඉහල ගොස් තිබෙනවා. පැමිණිලි ලැබී ඇත්තේ 1929 යන දුරකථන අංකයෙන් ස්ථාපිත කර ඇති ළමා උපකාරක සේවාවටයි. මෙම අංකය ප‍්‍රවර්ධනය කිරීම ද පැමිණිලි වැඩිවීමට හේතුවක් වු බව සභාපතිනිය පෙන්වා දුන්නා.
අනෝමා දිසානායක මහත්මිය වැඩිදුරටත් පැවසුවේ ළමා අපචාරවල යෙදෙන්නන් මීට පෙර කිසිඳු බියකින් තොරව කටයුතු කළ බවයි. එහෙත් මේ වන විට එය දඬුවමට ලක්විය හැකි වරදක් ලෙස සලකා ඉන් බොහෝදෙනා වැලකී සිටීමෙන් අපචාර අඩුවී ඇති බව ඇයගේ විශ්වාසයයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.