පාසල් කාලෙ ඉඳලම මම නර්තනයට හුඟාක් කැමැතියි. විවිධ ශෛලීන්වල නර්තනයන් මම හදාරලා තියෙනවා. ලංකාවට ආවට පස්සේ මම චන්න සරගෙන් නර්ජතනය ඉගෙන ගත්තා. මට තාමත් මතකයි අවුරුදු නවයෙදී විතර බෙල්ල උළුක් වෙලා තියෙද්දිත් මම පාසලේ පැවැත්වූ සංදර්ශනයක නැටුවා. බෙල්ල පැත්තකට හරවගෙන නටපු ඒ නැටුම මතක් වෙන කොට මට තාමත් හිනා යනවා. කොහොමටත් කලාව කියන දේ මගේ ජීවිතේට හුඟාක්ම සමීපයි. කලාව කියන්නේ බොහෝම සුන්දර දෙයක්. මම දේශපාලනයට ආවෙත් කලාකාරිනියක් විදිහට ලබපු ප්‍රසිද්ධිය හරහා. දේශපාලනයේ නිරත වුණා කියලා මට කලාව අමතක කරන්න බැහැ. තමන්ගේ ආධ්‍යාත්මයෙන්ම යම් කෙනෙක් කලාවට සමීපයි නම් එතැන වැරැද්දක් මම දකින්නේ නැහැ. නර්තනය තරමටම ගායනය මගේ ජීවිතේට සමීපවෙලා තිබුණේ නැහැ. ඒත් පහුගිය කාලෙ පැවැත්වුණ මෙගා ස්ටාර් රියැලිටි වැඩසටහන හරහා මම ගායනයටත් පිවිසුණා. ඒ වැඩසටහනේදී මුහුණ දුන්නු සමහර අත්දැකීම් මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. විනිශ්චය මණ්ඩලයේ හිටපු මර්වින් සිල්වා මහත්මයත් එක්ක ඇති වුණ සමහර කතා බහ ඇත්තටම අලුත් අත්දැකීමක් වුණා. තරගයක් කරද්දි විනිශ්චය මණ්ඩලයේ අදහස් එක්ක ගැටෙන්න හැකියාවක් නැහැ. ඉතින් මගේ හිත රිදුණ අවස්ථාවලත් තරගයකදී විනයක් තියෙන්න ඕනනෙ කියලා කල්පනා කරලා නිහඬව සිටියා. මම දීපිකා ප්‍රියදර්ශනීගේ ගීතවලට හුඟක් කැමැතියි. ගොඩක් වෙලාවට මම ගායනා කරන්නේ නම් නිරෝෂා විරාජිනිගේ ගීත. පොත්පත් කියවන්න නම් මගේ ඒ හැටි උනන්දුවක් නැහැ. ඇත්තටම කිව්වොත් මට කියැවීමට ඒ තරම් පුරුද්දක් නැහැ. මීට අවුරුදු 10කට 15කට විතර |
ඉස්සෙල්ලා මට පල්ලියෙන් නවකතා පොතක් ලැබුණා. කොහොම වුණත් මම ඒ පොතනම් හුඟක් උනන්දුවෙන් ආසාවෙන් කියෙව්වා. ඒ පොතේ නම නම් මට මතක නැහැ. ඒකේ ලියැවිලා තිබුණේ ගැහැනු ළමයෙක්ගේ ජීවිත කතාවක් ගැන. සමහර අය කියනවා පොත්පත් නොකියවන එක ලොකු දුර්වලතාවයක් කියලා. ඒ මම හිතන්නේ අපි ප්‍රායෝගිකව ලබන අත්දැකීම්වලින් ඒ හිස්තැන සම්පූර්ණ කර ගන්න පුළුවන්. ඒ වුණත් මගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යද්දී පොත්පත් පරිශීලනය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා පොත්පත්වලට මීට වඩා සමීප වෙන්න මම උත්සාහ කරනවා. චිත්‍රවලටත් මම හුඟක් ආසයි. මේ ළඟදී දවසකත් චිත්‍ර අඳින්න පුළුවන්ද බැරිද කියලා බලන්න ආස හිතිලා මම චිත්‍රයක් ඇන්දා. මම ඒකට තේමාව කර ගත්තේ රූගත කිරීමක් කරන තැනට ඇවිත් හිටපු ලස්සන පුංචි දුවක්. චිත්‍රය ඇඳලා ඉවර වුණහම වටේ ඉන්න අයගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වෙනකල් කවුරුත් හිතන් හිටියේ නැහැ ඇත්තටම මට චිත්‍ර අඳින්න පුළුවන් කියලා. යාළුවන්ගේ උපන්දින වගේ විශේෂිත දිනවලදී මම හිතුණොත් පුංචි පුංචි කවි හදනවා. හැබැයිඒක කරන්න ඕන කියලා මට හිතෙන්න ඕන. ඉංග්‍රීසි සහ හින්දි චිත්‍රපටවලට මම හුඟාක් කැමැතියි. වැඩිපුරම කැමැති කොමඩි ෆිල්ම්ස්වලට. භීතිය දනවන චිත්‍රපටවලට නම් මම පොඩ්ඩක්වත් කැමැති නැහැ. සිංහල චිත්‍රපටවලින් බහුතරයක් ඒවට මගේ ලොකු කැමැත්තක් නැහැ. මොකද ඒ චිත්‍රපට නිර්මාණ හරහා සැබෑ සාධාරණත්වයක් නිර්මාණ කාර්යයට කරලා තියෙනවාද කියන එක මට ගැටලුවක්. මම එදා මෙදාතුර සිංහල සිනමාවෙන් කැමැතිම නිළිය ස්වර්ණා මල්ලවආරච්චි. ඇය දඩයම කියන චිත්‍රපටයෙන් |
නිරූපණය කරපු රංගන ප්‍රතිභාව අති විශිෂ්ඨයි. ඇය බාහිර සුන්දරත්වය නිසා තමන්ගේ චරිතය ආලෝකමත් කර ගත්තු කෙනෙක් නොවෙයි. ඇය තුළ තියෙනවා සැබෑ දක්ෂතාවයක්. ඒ වගේම මම ගාමිණී ෆොන්සේකා මහත්මයාට, ජෝ අබේවික්‍රම මහත්මයාටත් හුඟාක් කැමැතියි. මම කුඩා අවධියේ ඉඳලම ජීවත් වුණේ කුවේට්වල. ඒ රටේ ගස්කොළන් නැති තරම්. ලංකාවට ආපු ගමන් මට පුදුම හිතුණා. මේ තරම් ගහකොළ කොහොමද හැදිලා තියෙන්නේ කයිලා. ඇත්තටම ගහකොළවලින් පිරුණු මේ පරිසරයට මම හුඟාක් ආසයි. වාහනේ යන ගමන් වුණත් පරිසරයේ තියෙන අපූරු පාටවල් ගැන හැඩතල ගැන මම කල්පනා කරනවා. දෙවියන් වහන්සේ මවපු හුඟක් දේවල් ගැන මට හරිම පුදුමයි. පසුගිය දවසක පූජා උමාශංකර් මාත් එක්ක කතා කළා. ඇය කියනවා කලා ක්ෂේත්‍රය ගැන හිතුවම ඉන්දියාව සහ ලංකාව අතර ලොකු වෙනසක් නැහැ කියලා. ඒත් ඒ රටේ ප්‍රසිද්ධ කලාකාරිනියක් තමන්ගේ මිතුරන් සමග එළියට ගිහින් විනෝද වුණාට ඒ ගැන වැරදි අදහස් පැතිරෙන ප්‍රමාණය අඩුයි කියලා පූජා කිව්වා. ලංකාවෙ නම් මේ තත්ත්වය හුඟාක් වෙනස්. ජනප්‍රිය අයට පුංචි කාරණයක් මුල් කරගෙන වුණත් හරියට කතාන්දර හැදෙවා. මේ තත්ත්වයට ඒ තරම් හරිමදි. මොකද ඕනෑම කෙනෙක්ට පෞද්ගලිකත්වය කියලා දෙයක් තියෙනවානේ. විදෙස් රටවල කලාකරුවන් වෙනුවෙන් ලොකු වටිනාකමක්, ඉඩක් වෙන් කරනවා. ඒත් මේ තත්ත්වය ලංකාවෙ නැහැ. කොහොම වුණත් කලාව කියන්නේ සුන්දර දෙයක්. මගේ අම්මා මම පුංචි කාලෙදීම මට කියලා දුන්නු එක දෙයක් තියෙනවා. ඒ තමයි කලාව දේවත්වයෙන් සලකන්න කියන පණිවුඩය. අදටත් මම ඒ දේ ඒ විදියටම පිළිපදිනවා. |
ටෙෂාරි නලින්දිකා කරනායක
|
උපුටා ගැනීම - මව්බිම හටන අතිරේකයෙන්
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.