2012-04-28

අගලවත්තේදී අලි අලි ගැටෙති


බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරයෙකු වන ශිරාල් ලක්තිලක මහතා සහභාගි වූ ජන රැළියකදී ඊයේ සවස නොසන්සුන්තාවක් ඇති වුණා. අගලවත්ත ප‍්‍රදේශයේදී පවත්වන ලද එම ජන රැළිය සංවිධාන කර තිබුණේ ලබන මස පළමුවැනිදා යෙදී ඇති රණසිංහ ප්‍රේමදාස ගුණානුස්මරණය පිළිබඳ පාක්ෂිකයන් දැනුවත් කිරීමටයි. නොසන්සුතාවක් ඇති වූයේ එක්සත් ජාතික පක්ෂයේම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ කලහකාරී ලෙස හැසිරීමෙන් බව ශිරාල් ලක්තිලක මහතා පවසනවා.
කලහකාරී ලෙස හැසිරුණු පිරිස අහසට වෙඩි තැබීමක්ද සිදු කළ බවයි ප‍්‍රකාශ කෙරුණේ. කෙසේ වෙතත් මෙලෙස කලහකාරී ලෙස හැසිරුණේද එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් බැවින් පොලීසියට පැමිණිලි නොකළ බව ශිරාල් ලක්තිලක මහතා පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.